Saturday, May 2, 2020

චිත්‍ර කලාව - රෝම වාස්තු විද්‍යා නිර්මාණ

 විෂය -  චිත්‍ර.
 පාඩම -  රෝම වාස්තු විද්‍යා නිර්මාණ.
 ගුරු භවතා -ටී.කේ.නුවන් ප්‍රසාද් බුද්ධික.
 දිනය     -  2020.05.02
 වේලාව -   ප.ව.4.00-ප.ව.5.00
...............................................................................

ආයුබෝවන් දරුවනේ!


අපි චිත්‍ර පාඩමේ තවත් කොටසක් අද බලමු.

 රෝම අධිරාජ්‍යයේ තම බල පරාක්‍රමය පැතිරවූ අධිරාජයන් අතරින් තවත් ප්‍රබලයෙක් ලෙස අපට ට්‍රැජන් අධිරාජයා හැඳින්විය හැක.  ඔහුගේ යුධ ජයග්‍රහණ සැමරීමට නිර්මාණය කල ට්‍රැජන් කුලුන බිහිසුනු කතාන්දරයක් සුන්දර නිර්මාණයක් බවට පත් කර නිර්මාණය කර ඇත මා එසේ පැවසුවේ යුද්ධය පිළිබඳව වු වෙිදනාකාරී සිද්ධීන් තුලින් ට්‍රැජන් අධිරාජයා සතුටට පත්ව ඔහුගේ එම ජයග්‍රහණ සැමරීමට කල නිර්මාණයක් බැවිනි.




 මෙම කුලුන බඳ පුරාම ට්‍රැජන් අධිරාජයා ගේ ඩේසියානු (Dasian ) යුද්ධය පිළිබඳව තොරතුරු සනිටුහන් වන පරිදි කැටයම් නිර්මාණය කර ඇත .
කාලය තුල නිර්මාණය කරනු ලැබූ මෙම කුලුන අඩි125ක උසකින් යුක්තව නිර්මාණය කර ඇත. මෙහි බඳ කෙටස අඩි 98කි පාදම සමඟ මුළු උස තමයි අඩි125.
රෝම වරු ඩේසියානු හමුදාව අතර වූ දරුණු සටන් දැක්වෙන කැටයම් පුවරු විශාල සංඛ්‍යාවකින්  මෙම කුලුන සසා ඇත.




මෙම කුලුනේ අභ්‍යන්තරයේ පහල සිට ඉහලට නැඟීමට සර්පිලාකාර පඩිපෙලක් ඇත.
කුලුන ඉහලින්ම ට්‍රැජන් අධිරාජයාගේ පිළිරුවක් නිර්මාණය කර ඇත.







මේ දැක්වෙන්නේ ට්‍රැජන් අධිරාජයාගේ වෙනත් පිළිරුවකි.
පොඩි පැවරුමක් දෙන්නම්.
රෝම රාජධානිය පුරාම ඉතිහාසයේ පැවති සටන් ජයග්‍රහණ සැමරීමට කල නිර්මාන බොහොමයක් ඇත මෙිවා පිළිබඳව ⁣ඇගයීමක් කරන්න.


අදට පාඩම මෙතනින් අවසන් කරමු සියලුම දෙනාට තෙරුවන් සරණයි!

















No comments:

Post a Comment