Tuesday, May 5, 2020

චිත්‍ර කලාව - රෝම මූර්ති කලාව

විෂය -  චිත්‍ර.
පාඩම -  රෝම මූර්ති කලාව.
ගුරු භවතා -ටී.කේ.නුවන් ප්‍රසාද් බුද්ධික.
දිනය     -  2020.05.06
වේලාව -   පෙ.ව.8.00-පෙ.ව.9.00
...............................................................................

සුබ උදෑසනක් වේවා හැමෝටම!

අද අපි බලමු ජූලියස් සීසර් මූර්තිය පිළිබඳව.


මෙ⁣ම මූර්තිය තුලින් සාමන්‍ය මිනිසෙකුගෙ රුවක් ලෙස දිස්වනසේ අධිරාජයා නිර්මාණය කර ඇත
මෙමගින් මානව රූපයක සතුවන ස්වභාවිකත්වය මනාව මතුකර ඇත.හිස කෙස් දෙනෙත් තොල් මගින් පුද්ගල රුවේ වයස හා තලත්තෑනි බව මනාව විදහා දක්වයි.
මෙමගින් ජූලියස් සීසර් සතු පෞද්ගලික ගති ලක්ෂණ මතු වන අතර ඒ ඔහුගේ අභ්‍යන්තරය මනා ලෙස විදහා දැක්වීමකි.
මූර්තිය කිරිගරුඬ මාධ්‍යයෙන් නිර්මාණය කර ඇති අතර මානව ශරීරයේ සමේ ස්වභාවය,වයනය ඉස්මතු කිරීමට ශිල්පියා සාර්ථක උත්සහයක් ගෙන ඇත.
මූර්ති නිර්මාණයේදී වැදගත් වන අස්ථි සැකැස්ම පිළිබඳව ශිල්පියා සතු නිපුනතාවය මෙහි මුහුනේ හැඩතල නිර්මාණයේදී මුහුනේ,බෙල්ලේ හා උරහිසේ හැඩතල නිර්මාණය කර ඇති ආකාරයෙන් විදහා දක්වයි.
අපි ඊලඟට අධ්‍යනය කල යුතු වන්නේ රෝම සිතුවම් පිළිබඳවය ඊලඟ පාඩමෙන් ඒ පිළිබඳව අධ්‍යනය කරමු.

සුබ දවසක් හැමෝටම.තෙරුවන් සරණයි!

No comments:

Post a Comment