Sunday, May 3, 2020

චිත්‍ර කලාව - රෝම මූර්ති කලාව

විෂය -  චිත්‍ර.
පාඩම -  රෝම මූර්ති කලාව.
ගුරු භවතා -ටී.කේ.නුවන් ප්‍රසාද් බුද්ධික.
දිනය     -  2020.05.03
වේලාව -   පෙ.ව.8.00-පෙ.ව.9.30
...............................................................................

ආයුබෝවන්  සුබ උදෑසනක් වේවා!

 චිත්‍ර පාඩමේ තවත් කොටසක්  අපි රෝම වාස්තුවිද්‍යා නිර්මාන පිළිබඳව අධ්‍යනය කරා. අද අපි බලමු රෝම මූර්ති කලාවේ තොරතුරු ටිකක්.
මූර්තියකින් ශිල්පියා විසින් සිදුකරනුයේ අපූරු කාර්යයකි. අජීවි අමුද්‍රව්‍යක් සජීවී බවක් ආරෝපණය කිරීම ඒ කාර්යය සරළව හැඳින්විය හැකිය. 

අපි දන්නව ග්‍රීක මුර්ති ශිල්පීන් උත්සහ කලේ තම නිර්මාණයට දිව්‍යමය සුන්දරත්වයක් එක් කිරීමටය. උදාහරණයක් ලෙස වීනස් මූර්තිය දැක්විය හැකිය.
පරමාදර්ශී මානව රූපය නිර්මාණය කිරීමට ශිල්පීන් උත්සහ කර ඇත.එනම් සියලුම සුන්දරත්වයන් එක්තැන් කිරීමටත්,එමගින් ⁣සම්මත මානව රුවක් නිර්මාණය කිරීම ග්‍රීක ශිල්පීන් උත්සහ කර ඇත.

නමුත් අපි අද කතා කරන රෝම මුර්ති තුලින් දක්නට ලැබෙන්නේ ස්වභාවිකත්වයට මුල්තැන දුන්,මූර්තිය මගින් නිරූපණය වන පුද්ගලයාගේ අභ්‍යන්තර ගතිගුණ ⁣පෙන්වන අපූරු මූර්ති කිහිපයකි.


 ඔගස්ටස්සීසර්.

ජූලියස් සීසර් අධිරාජයා නිරූපිත මෙම මූර්තිය තුලින් ඔහුගේ සාමාන්‍ය ස්වරූපය පිළිබිඹු කිරීමට ශිල්පියා උත්සහ කර ඇත.පුරුෂයෙකු සතු ජවසම්පන්න බව මෙන්ම පෞරුෂය මැනවින් මේ තුලින් විදහා දක්වා ඇත.
මෙහි ශරීරයේ මස්පිඬුවල සැකැස්ම,ශරීර හැඩතල,සමේ ස්වරූපය,මානව ස්වරූපය මෙන්ම මානව හැඟීම් ප්‍රකාශණය සාර්ථකව නිර්මාණය කර ඇත.
ඇඳුම් පැළඳුම් ගත් කල ස්වභාවික අයුරින් නිර්මාණය කර ඇත.


බලන්න මෙම අැඳුමේ රෙදි නිර්මාණය කර ඇති අයුරු. රැලි ගැසුන ආකාරය මැනවින් නිර්මාණය කර ඇත.


උඩුකය සරසා ඇති අලංකාර සැට්ටය සුන්දර කැටයම් මගින් අලංකාර කර ඇත.


බලන්න ⁣මෙම මුහුන දෙස අධිරාජයා සාමාන්‍ය මිනිසෙකු සේ දැක්වෙන අතර එහි දිව්‍යමය සුන්දරත්වයක් දක්වා නැත.දෙනෙතේ  ඍජු බැල්ම මුහුනේ හැඟීම් ප්‍රකාශණය අපූරු ආකාරයට නිර්මාණය කර ඇත.


බලන්න මෙහි පාද දෙස මස්පිඬුවල සැකැස්ම මෙන්ම මාංශලමය ස්වරූපය  සහ සිරුරේ බර දරා සිටින ආකාරය නිරූපණය කිරීම අති විශිෂ්ටගණයේ නිර්මාණශිල්පියෙකුගේ ප්‍රතිභාව විදහා දක්වයි.
එමෙන්ම තම අධිරාජයා වෙත දේවත්වයක් ආරෝපනය කිරීමට ශිල්පියා උපක්‍රමයක් යොදා ඇත බලන්න පාද පාමුල නිැ්මාණය කර ඇති දේව දූතයා දෙස. දේව දූතයෙකු සිටින්නේ දෙවියෙකු සමීපයේය.එ අනුව තම අධිරාජයා බලවත් දෙවි කෙනෙකු ලෙස නිර්මාණය කිරීම හෙවත් ඔහුට දේවත්වයක් ආරෝපනය කිරීමට ශිල්පියා උත්සහ කර ඇත.


දේව දූතයා.

අපි  හෙට ඊලඟට බලමු තවඅපූරු මුර්තියක තොරතුරු .
කැරැල්ලා මූර්තිය.

එසේනම් අදට පාඩම මෙතනින් අවසන් කරමු සියලුම දෙනාට තෙරුවන් සරණයි!

















No comments:

Post a Comment