Thursday, May 21, 2020

චිත්‍ර කලාව - අපේ ශිල්පීන්

විෂය -  චිත්‍ර.
පාඩම - අපේ ශිල්පීන් .
ගුරු භවතා -ටී.කේ.නුවන් ප්‍රසාද් බුද්ධික.
දිනය     -  2020.05.21
වේලාව - පෙ .ව.8.00 - පෙ.ව.10.00
................................................................................................

ආයුබෝවන් !

අපි කලින් කතාකලා අපේ ශිල්පීන් ගැන එහි තවත් ශිල්පියෙකු පිළිබඳව අපි බලමු

ස්ටැන්ලි අබෙිසිංහ

 ශ්‍රී ලංකාවේ නූතනවාදී චිත්‍රහා මූර්ති ශිල්පීන් අතර ප්‍රමුඛත්වය දරණ ශිල්පියා ලෙස මොහු හැදින්වීම නිවැරදියි.‍
 ආයතනගත නූතනවාදී චිත්‍ර කලාව ශ්‍රී ලංකාව තුල ආරම්භ කලේ ස්ටැන්ලි අබෙිසිංහ මහතා විසිනි.ඒ හේවුඩ් කලායතනය තුලයි.

ඔහුගේ සිතුවම් කලාව තුල පෝල් සෙසාන් හෙන්ඩ්‍රි මතීස් වැනි යුරෝපීය ශිල්පීන්ගේ ඝනිකවාදී,ප්‍රකාශණවාදී චිත්‍ර වල කලාත්මක උපක්‍රම හා දේශීය සම්ප්‍රදායික කලාවන්ගේ  ලක්ෂණ වල සංකලනයක් ඔහුගේ සිතුවම් තුල දක්නට ලැබුනත් ඔහුගේ නිදහස් කලා චින්තනය ඒ හැම දේටම වඩා ඉස්මතු වී පෙනෙයි.

 සිතුවම් තුල වර්ණ භාවිතය හා හැඟීම් ප්‍රකාශණය ඔහුටම ආවේනිකය.43 කණ්ඩායමෙන් මතු වී ආ ශෛලීන්හා මතවාදයන්ට සමගාමීව රජයේ ලලිත කලායතනය හරහා මතු වී ආ තරමක් නිදහස් හා වෙනස් කලා ආරක පුරෝගාමියා ලෙස මොහු හැඳින්විය හැක.

පිකාසෝගේ චිත්‍ර තුල දක්නට ලැබෙන ලක්ෂණ මෙන්ම ජෝර්ජ් කීට් ගේ සතුවම් වල ලක්ෂණත් මොහුගේ සිතුවම් තුල දක්නට ලැබුනත් කිසි විටෙක ඔවුන් හා සම නොවීම මෙහුගේ ඇති විශේෂත්වයකි.

නිදහසේ සිත්තම් කරනා ඔහුගේ වරණ මාලාවන් ප්‍රසන්නය.

මුල් කාලයේදී රජයේ මෙතුමා චිත්‍ර කලාව හැදෑරීමට එක් වූයේ ලංකා කාර්මික විද්‍යාලයටය.පසුව ලංකා කලා සංගමයේ උප සභාපතිවරයෙකු ලෙස කටයුතු කර ඇත.පසුව ලංකා රජය විසින් පිරිනැමූ ශිෂ්‍යත්වයක් මත බ්‍රිතාන්‍යයේ  ශාන්ත මාටින් ශාස්ත්‍රාලයේ චිත්‍ර ශිල්පය හැදෑරීමට අවස්ථාව උදාකරගෙන ඇත.1949 සිට 1957 දක්වා එහි රැදී සිටිමින් යුරෝපීය කලා ආර පිළිබඳව ප්‍රශස්ත අයුරින් හදාරා පසුව බ්‍රිතාන්‍යයේ රාජකීය කෞතුකාගාරයේ වසරක් සේවය කර ඇත.

මෙතුමා යුරෝපයේ ඉගෙනගත් නමුත් ශස්ත්‍රාලීය කලා ආර අනුගමනය නොකලේය තම සම්ප්‍රදාය ගරු කලේය. මෙම චින්තනය මෙහෙයවමින් විශාල ශිල්පීන් රැසක් බිහිවීමටමෙතුමා මූලාදර්ශයක් විය.

එතුමාගේ නිර්මාණ පිළිබඳව අපි ඊලඟ කොටසින් සාකච්ඡා කරමු.

 සියලුම දෙනාට තෙරුවන් සරණයි!

No comments:

Post a Comment