Saturday, May 23, 2020

චිත්‍ර කලාව - අපේ ශිල්පීන්

විෂය -  චිත්‍ර.
පාඩම - අපේ ශිල්පීන් .
ගුරු භවතා -ටී.කේ.නුවන් ප්‍රසාද් බුද්ධික.
දිනය     -  2020.05.23
වේලාව - පෙ .ව.8.00 - පෙ.ව.10.00
.............................................................................................

ආයුබෝවන් !

චිත්‍රපාඩමට දැන් සම්බන්ධ වෙමු.

ස්ටැන්ලි අබේසිංහ මහතාගේ අනෙක් තවත් නිර්මාණයක් පිළිබඳව අපි අද බලමු.


තාරුණ්‍ය හා බෙලහීනත්වය

ස්ටැන්ලි අබේසිංහ මහතා තම නිර්මාණය තුලින් තම අදහස ප්‍රකාශණය කිරීමේදී නූතනවාදී කලාවේ ස්වභාවිකත්වය විකෘතිකර ප්‍රකාශනාත්මක බව මතුකිරීමේ ක්‍රමවේදය අනුගමනය කර ඇත.

 පසුබිම හා පෙරබිම පිළිබඳව වූ ශාස්ත්‍රාලයීය යථාර්ථවාදී කලාවේ ලක්ෂණ මෙහිදී බැහැර කර ඇත.

මානවයාගේ ජීවිතයේ අවස්ථා 2ක් සන්සන්දනාත්මකව  කතා කරන මෙහි ප්‍රමුඛත්වය එම රූප2ට ලබා දී ඇති අතර අවකාශය තුල දක්වා ඇති හැඩතලවල නිශ්චිත බව  සිතුවම තුල වැදගත් ස්ථානයක් ගෙන නැත.

මේ සඳහා උපස්තිථිවාදී හා පශ්චාත් උපස්තිථිවාදී කලාවේ    මෙන්ම ජර්මානු ප්‍රකාශණවාදී කලාවන්ගේ ආභාශය ලබා ඇත.

සිතුවම පුරා වර්ණ භාවිතා කිරීම ගත්කල මානව රූප පසුබිමෙන් ප්‍රධාන වශයෙන් වෙන් කිරීමේ උත්සහයක් දැකිය හැකිය.

ජීවිතයේ අනියත බව දැක්වීමට වර්ණ වලින් ලැබී ඇති මෙහෙය ඉතාමත් විශාලය.මානව රූපවල දැක්වෙන හැඟීම් ප්‍රකාශණයද නිර්මාණය සඳහා සුවිශේෂි දායකත්වයන් ලබාදී ඇත.

විවිධ නිර්මාණ, විවිධ කලා ආභාශයන් ගැඹුරින් අධ්‍යනය කිරීම හා එහි පන්නරයෙන් තම ශෛලියක් ගොඩනැඟිය හැකිබව ඒ අත්දැකීම්  තුලින් විශිෂ්ට නිර්මාණයක් ගොඩනැඟිය හැකි බවට කදිම නිදසුනකි මේ සිතුවම.

අපි මීලඟට තවත් නර්මාණකරුවෙක් පිළිබඳව අධ්‍යනය කරමු 

එ් මාර්ක් මහතා

මෙතුමා ශ්‍රී ලංකාවේ නූතන කලා අධ්‍යාපන කේෂ්ත්‍රයේ පුරෝගාමී ශිල්පියෙකි.
 චිත්‍රකලාවේ උන්නතිය උදෙසා විවිධ සංවිධාන ගොඩනැඟීමට දායකත්වය දැක්වූ මෙතුමා නූතනවාදී කලාවේ ආභාසය ලබා  නිර්මාණකරණයේ යෙදුණු ශිල්පියෙකි.
අපි එතුමාගේ නිර්මාණ 2ක් පිළිබඳව අධ්‍යනය කරමු.

 "නම් නොකල " Untitled



මේ නිර්මාණය නම් කර නොමැත.මෙය මිශ්‍ර මාධ්‍ය භාවිතා කර නිර්මාණය කර ඇත.
ගරාවැටෙන බිත්ති2 ක් හා ඊට මැදිවූ මුහුණු නිර්මාණය සඳහා විශය වී ඇත මේ සඳහා ඝනිකවාදී කලාවේ ආභාසය ලැබී ඇත.

ඝනිකවාදී කලාවේ ප්‍රධාන පිළිගැනීමක් වන රූප විකෘතිකරණයට ලක් කිරීම මෙහි දැකිය හැකි සුවිශේෂී ලක්ෂණයකි.එමෙන්ම නිර්මාණයේ ව්‍යුක්තකරණ ලක්ෂණද දැකිය හැකිය.

නිර්මාණයක් තුලින් බොහෝ දේ ප්‍රේක්ෂකයාට ලබා ගැනීමටත් විවිධ භාවයන් තුලින් තම අත්දැකීම් විඳීමටත් මෙවැනි නිර්මාණ තුලින් අවකාශය ලබා දී තිබෙනවා.

අපි තවත් නිර්මාණයක් බලමු.




ඒ මාර්ක්  ශිල්පියාගේ මූරති අතර සුවිශේෂි මූර්තියක් ලෙස මෙය දැක්විය හැක.

ඉදිරි ගාත් ඔසවාගෙන පිටුපස ගාත් වලින් සිටගෙන  සිටින බල්ලන් දෙදෙනකු හා මිනිසෙකු නිර්මාණයේ දැක්වේ.බල්ලන් දෙදෙනා මිනිසාට වඩා විශාලව දක්වා ඇත.මෙහි දැක්වෙන්නේ එතුමාටම ආවේනික වූ මූර්ති නිර්මාණ ශිල්පී ක්‍රමයකට මෙය නිර්මාණය කර ඇත.

නූතන කලා භාවිතය සහිත මෙම නිර්මාණය ඝනිකවාදී කලා ලක්ෂණ මෙන්ම හෙන්ඩ්‍රි මුවර් ශිල්පියාගේ  මූර්ති නිර්මාණවල ලක්ෂණ මේ සඳහා දායක කරගෙන ඇත.

මේ සඳහා භාවිතා එක්රැස් කරගත් භාණ්ඩ හෙවත් found object උපයෝගී කරගෙන ඇත. එනම් ඉවතලන ප්ලාස්ටික් බෝතල් මෙම නිර්මාණයට යොදාගෙන ඇත.
ප්ලාස්ටික් බෝතල්වල දිගටි හා  විවර සහිත හැඩ රිද්මයානුකූලව හා සමබරව අවකාශය සමඟ හාවිතා කර ඇති අතර ඉදිරියට නෙරා ගිය හා ඇතුලතට නෙරාගිය කොටස් මතුකරමින් මෙම නිර්මාණය ඉදිරිපත් කර ඇත.විස්තරාත්මක බව අඩු සරළ හැඩ සමඟඇති කරන සරළ ප්‍රකාශනය මෙම කෘතියේ දක්නට ලැබෙන සුවිශේෂී ලක්ෂණයකි.
කලා නිර්මාණයක් සඳහා අපට අප අවට ඇති ද්‍රව්‍ය භාවිතා කිරීමට ඇති හැකියාවත් ඒ සඳහා අවශ්‍ය වන්නේ නිර්මාණාත්මක චින්තනයකි.

එසේනම් අදට පාඩම මෙතනින් අවසන් කරමු.

 සියලුම දෙනාට තෙරුවන් සරණයි!

No comments:

Post a Comment