Tuesday, May 12, 2020

චිත්‍ර කලාව - ප්‍රායෝගික ක්‍රියාකාරකම

විෂය -  චිත්‍ර.
පාඩම -  රෝම සිතුවම්.
ගුරු භවතා -ටී.කේ.නුවන් ප්‍රසාද් බුද්ධික.
දිනය     -  2020.05.12
වේලාව -   පෙ.ව.8.00-පෙ.ව.9.00
...................................................................................

ආයුබෝවන්!

සුබ දවසක් අද චිත්‍රපාඩම මෙතැන්සිට ආරම්භ කරමු.

අපි අද අලුත් වැඩකට ආරම්භයක් ගනිමු.ප්‍රායෝගික ක්‍රියාකාරකමක් වෙත අවධානය යොමු කරමු.
ඔයාල දන්නව මිනිසා ස්වභාවිකවම නිර්මාණශී සත්ත්වයෙක්.ඒ පිළිබඳව සාක්ෂි මිනිසාගේ සම්භවයේ මූලාරම්භයේ සිට අති විශාල නිර්මාණ සාධක තුලින් අපට අදහසක් ලබාගන්න පුළුවන්.
ඒ අතරින් මිනිසාට අත්‍යාවශ්‍ය සාධක 3ක් දැක්විය හැක.

1   ආහාර 
2   වාසස්ථාන
3   ඇඳුම් පැළඳුම් 

     අද අපි කතා කරන්නේ ඇඳුම් පැළඳුම් සම්බන්ධයෙන් 
 මුල්ම කාලයේදී මිනිසාට ඇඳුම් අවශ්‍යතාවයක් අති වන්නේ වනවාසී ජීවිතය තුල ඇතිවන පාරිසරික තත්ව වලට මුහුණ දීම සඳහාය. සීතල,දැඩි සූර්‍යරශ්මියෙන් ආරක්ෂා වීම,සතුන්ගෙන් වන පීඩාවන්ගෙන් ආරක්ෂා වීම ආදීවූ කරුණු වෙනුවෙන් සරළ ඇඳුම් ඔවුන් නිර්මාණය කර ගනු ලැබුවා. බොහෝවිට කොල අතු,ගස් වලින් ලබාගත් පොතු හෙවත් පට්ටා,සත්ත්ව සම්, ආදී තම අවට පරිසරයේ වූ අමුද්‍රව්‍ය කිහිපයක් මගින්තම අවශ්‍යතාවය ඉටු කර ගැනීමට ඔවුන්ට හැකි විය .
     පැළඳුම් සම්බන්ධයෙන් මුල්ම සාධක අපිට හමුවන්නේ දඩයම සඳහා මෙන්ම වන සතුන්ගෙන් ආරක්ෂා වීමට තම සිරුර වර්ණ ගැන්වීම හා නොයෙක් ද්‍රව්‍ය භාවිතාකර වෙනස් කර ගැනීම තුලිනි. ඉන් පසුව ඔවුන්ගේ අභිචාරී අවස්ථා හෙවත් ඇදහලි වෙනුවෙන්  පැළඳි විවිධ දේවල් තුලිනි. මේ යටතට සත්ත්ව ඇට කටු,හිස්කබල්,පාෂාණ කොටස් ආදිය පැළදුම් සඳහා ඔවුන් භාවිතා කලා.
මෙසේ ආරම්භ වු අැඳුම් පැළඳුම් නිර්මාණ මානවයා  දියුණු වීමත් සමඟ වේගයෙන් දියුණු විය.
අමු ද්‍රව්‍ය විවිධාකාර විය තම මූලික අවශ්‍යතා වූ විලිවසා ගැනීම,පාරිසරික තත්වයන්ට මුහුණ දීම ආදී කරුණු වලට අමතරව තම සමාජ මට්ටම පෙන්වීම,නිර්මාණශිලීත්වය  ප්‍රදර්ශනය කිරීම,ආදී කටයුතු වෙනුවෙන් ඇඳුම් පැළඳුම් නිර්මාණය කිරීම ආරම්භ කරන ලදි.

අද ප්‍රායෝගික ක්‍රියාකාරකම වෙන්නේ ඇඳුම් පැළඳුම් නිර්මාණය කිරීමයි අපි උදාහරණ කිහිපයක් බලමු.











ඇඳුමක් නිර්මාණය කිරීමේදී අපි අවධානය යොමු කල යුතු කරුණු කිහිපයක් දෙස බලමු.

1  ඇඳුම නිර්මාණය කරනු ලබන පුද්ගලයා කවුද? ඔහුගේ අවශ්‍යතාවය කුමක්ද?
ඔහුගේ ශරීර ප්‍රමාණය ආදී කරුණු
2   භාවිතා කරනු ලබන අමුදුව්‍ය මෙ⁣ානවාද
3  පාරිසරික තත්වය (ශිත,උනුසුම් ආදී කරුණු )
4  භාවිතා කරනු ලබන වර්ණ 
5  නිර්මාණය අවශ්‍ය පුද්ගලයාගේ සංස්කෘතික කරුණු. 

  ආදීය පිළිබඳව විශේෂ අවධානයක් යොමු කල යුතුය.
මේ කරුණු සැලකිල්ලට ගනිමින් අපි අද වේදිකා නාට්‍යක ශිල්පීන්ට අවශ්‍ය ඇඳුම් නිර්මාණ කිහිපයක් සැලසුම් කරමු 
   මා ඔබට චරිත කිහිපයක් ලබා දෙන්නම් 
      රදල පැලැන්තියේ හා සාමාන්‍ය ජනයා පිළිබඳව වන කතාන්දරයක් මූලික කරගත් නාට්‍යක් පිළිබඳව අපි සිතමු.

  1 ගැමියෙක්
  2 ගැමි කාන්තාවක්
  3 ඉඩම් හිමියෙක්
  4 ඉඩම් හිමියාගේ තරුණ දියණිය 
  5 ගැමි තරුණිය 
  6 යාචකයෙක්   

 අපි මේ චරිත ටිකට අදාල වන පරිදි ඇඳුම් කිහිපයක් නිර්මාණය කරමු. නිර්මාණය සමඟ භාවිතා කරණුලබන අමු ද්‍රව්‍ය පිළිබඳව සඳහන් කරන්න 
  ඇඳුම් වර්ණ ගන්වන්න  ක්‍රියාකාරකම වසන් කර මා වෙත ලබා දෙන්න. 

එහෙනම් අදට අපි පාඩම මෙතනින් අවසන් කරමු.

 සියලුම දෙනාට තෙරුවන් සරණයි!






No comments:

Post a Comment