Friday, May 22, 2020

චිත්‍ර කලාව - අපේ ශිල්පීන්

විෂය -  චිත්‍ර.
පාඩම - අපේ ශිල්පීන් .
ගුරු භවතා -ටී.කේ.නුවන් ප්‍රසාද් බුද්ධික.
දිනය     -  2020.05.22
වේලාව - පෙ .ව.8.00 - පෙ.ව.10.00
.................................................................................................

ආයුබෝවන් සුබ දවසක්!

අද චිත්‍ර පාඩමේ ඉතිරි කොටස.


අපි කතා කරමින් සිටියේ ස්ටැන්ලි අබෙිසිංහ මහතා පිළිබඳව අපි අද බලමු එතුමාගෙ නිර්මාණ 2ක් පිළිබඳව

 "කිඳුරියගෙ නැටුම" සිතුවම

ස්වභාවික පරිසරයේ සුන්දරත්වය පිළිබඳව කියවෙන අපූරු නිර්මාණයකි. දිය ඇල්ලක් අසල ගල්තලාවක නර්තනයේ යෙදෙන කිඳුරියක් මුල් කරගෙන ඇත.

විවිධ සම්ප්‍රදායන් කිහිපයක ලක්ෂණ ගොනුකරගනිමින් මෙම නිර්මාණය කර ඇත
දේශීය සාම්ප්‍රදායික කලාවේ ලක්ෂණ  යුරෝපීයනූතනවාදී කලා ලක්ෂණ වන   පශ්චාත් උපස්තිථිවාදී කලා ලක්ෂණ හා ෆාවේවාදී (Fauvism)යන ලක්ෂණ මෙහිදී එක්වී ඇත.

ස්වභාවික පරිසරයේ සංකීර්ණ  කරුණු ඉතාමත් සරළ ලෙස මෙහි දක්වාඇත.

කිඳුරියගෙ ශරීරය නිර්මාණය කිරීමේදී සාම්ප්‍රදායික කලාවේ ලක්ෂණ එක් කර ඇත නාරී දේහයක ඇති සාහිත්‍යයේ කියැවෙන සිහින් ඉඟ,පුළුල් උකුල,පූර්ණ පයොධර ආදී ලක්ෂණ ද අප සාම්ප්‍රදායික කලාවේ එන ආභරණ  සළුපිළි ආදිය මෙහි දැක්වීම තුලින් සාම්ප්‍රදායික කලාවේ  ආභාසය ලබා ගත් බවට සධකයන් වේ තවද  සාම්ප්‍රදායික කලාවේ කින්නරයන් දැක්වීමිදී භාවිතා කල උපක්‍රම මෙහිද දක්නට  ලැබේ.

දිය ඇල්ලේ පිහිනන මසුන් කුඩා ගසේ වූ මල තවදුරටත් මහනුවර සම්ප්‍රදාය සිහිගන්වයි.
 සම්භාව්‍ය ශාස්ත්‍රාලයීය කලා ලක්ෂණ බැහැරකර මෙය නිර්මාණය කර ඇත ඇසට පෙනෙනස්වභාවික ලක්ෂණ වෙනස්කර ඇත.පර්යාවලෝකන උපක්‍රම බැහැර කර ඇත.
අපි ඊලඟට එතුමාගේ තවත් නිර්මාණයක් වන තාරුණ්‍ය හා බෙලහීනත්වය සිතුවම පිළිබඳව කතා කරමු.
අදට පාඩම අවසන් කරමු.

 සියලුම දෙනාට තෙරුවන් සරණයි !













No comments:

Post a Comment