Friday, May 15, 2020

චිත්‍ර කලාව - ආභරණ නිර්මාණය

විෂය -  චිත්‍ර.
පාඩම -  ආභරණ නිර්මාණය.
ගුරු භවතා -ටී.කේ.නුවන් ප්‍රසාද් බුද්ධික.
දිනය     -  2020.05.15
වේලාව -   ප.ව.3.00-ප.ව.4.00
....................................................................................................

ආයුබෝවන්!

අද චිත්‍ර පාඩම මෙතැන්සිට ආරම්භ කරමු.

අපි පසුගිය පාඩමෙන් ඇඳුම් නිර්මාණය කිරීම පිළිබඳව අධ්‍යනය කලා මීලඟට අපි අධ්‍යනය කරන්නේ ඒ සමඟම වැදගත් වන තවත් කාරණයක් පිළිබඳවය. 

ආභරණ නිර්මාණය.

ආභරණ නිර්මාණය කිරීමේ ආරම්භය ඈත අතීතය දක්වා විහිදී යන මාතෘකාවක් මුල් කාලීනව පරිසරයෙන් ලබා ගන්නට පහසු ද්‍රව්‍ය එකතු කරමින් මිනිසා ආභරණ නිර්මාණය කර ඇත. බොහෝ විට දඩයමේ යන අවස්ථා වලදී තම ස්වරූපය වෙනස් කර ගැනීමට, තම කණ්ඩා⁣යමේ නායකත්වය ලබා ගැනීමට, තමන් අදහන දෙවිවරු,යක්ෂයන්,විවිධ බලවේගයන් වෙනුවෙන් කෙරුණු අභිචාර අවස්ථා එනම් පූජා කර්ම වෙනුවෙන්ද මිනිසා ආභරණ හාවිතා කර ඇත.
අපි බලමු ඔවුන් භාවිතා කල ද්‍රව්‍ය පිළිබඳව 

1 සත්ත්ව ඇටකටු
2 විවිධ පාෂාණ කොටස් 
3 විවිධ ශාක කොටස්
4 පිලිස්සූ මැටි
5 ලෝහ වර්ග 
   ආදියයි  මදක් අපි පැරණි ආභරණ පිළිබඳව අධ්‍යනය කරමු.




මෙවැනි ස්වභාවික ද්‍රව්‍ය අතීත මානවයන් හාවිතා කල බවට පුරාවිද්‍යාත්මක සාධක ලැබී ඇත.





මෙවැනි නිදසුන් මගින් අතීතයේ ආභරණ භාවිතය පිළිබඳව අදහසක් අපිට ලබා ගත හැක.
මෙසේ ආරම්භ වු ආභරණ නිර්මාණය අද වන විට විවිධාකාර ඉසව් කරා ව්‍යාප්තව ඇත.
මා මෙම තොරතුරු ගෙන දැක්වූයේ අතීතය පිළිබඳව යම් අදහසක් ඔබට ලබා දීම සඳහාය.
දැන් අපි බලමු වර්ථමානයේ ආභරණ නිර්මාණය පිළිබඳව අද වන විට ලෝකයේ ප්‍රධාන   කේෂ්ත්‍රයක් ලෙස ආභරණ නිර්මාණය කිරීම හැඳින්විය හැක. අවටින් ලැබෙන ඕනෑම ද්‍රව්‍යකින් අද වන විට මෙම නිර්මාණ කිරීමට ශිල්පීන් උත්සහ කරයි. ඉතා වටිනා රන් රිදී,මුතු,මැණික් මෙන්ම ඉවත දමන ශොපින් බෑගය දක්වා විශාල පරාසයක් පුරා මෙම නිර්මාණ ව්‍යාප්තව ඇත. 









කාන්තා  පිරිමි බාල  මහළු සැම දෙනාම අතර ජනප්‍රිය මෙම කේෂ්ත්‍රය තුල විවිධ පුද්ගලයන් වෙනුවෙන් නිම වූ අභරණ විශාල පරාසයක විහිදේ.


මේ මා විසින් නිර්මාණය කල පෝසිලේන් මාධ්‍ය පෙන්ඩනයක් 3 cm පමණ ප්‍රමාණයෙන් යුක්ත වේ.
මම ඔබට යෝජනා කරනවා විලාසිතා දැක්මක් සඳහා කාන්තා සහ පිරිමි ආභරණ කට්ටලයක් නිර්මාණය කරන්න කියල. මෙහිදී පහත කරුණු සම්බන්ධයෙන් අවධානය යොමු කරන්න .

1  කාන්තා/පිරිමි 
2  වර්ණ 
3 හැඩතල 
4 ප්‍රමාණය 
5 භාවිතා කරණ අමුද්‍රව්‍ය (ඉතා වැදගත් මෙමගින් වටිනාකම,පැළඳීමේ  පහසුව,අවස්ථානුරූපී වීම ආදි කරුණු වැදගත් වේ)

මුලින්ම ඔබ ආභරණ කට්ටලය සැලසුම් කර පැන්සල් රේඛා මගින් හැඩතල නිර්මාණය කරන්න. 
 ඉන්පසුව ඒ සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය,වර්ණ පිළිබඳව වාර්තාවක් සකස් කරන්න 
   නිර්මාණයේ පින්තූරයක් අඳින්න 
පසු නිශ්පාදන කටයුතු පිළිබඳ තොරතුරු ඇතුලත් කරන්න.
අපි ඊලඟ කොටසින් තව දුරටත් ආභරණ පිළිබඳව අධ්‍යනය කරමු
අදට පාඩම මෙතනින් අවසන් කරමු.

 සියලුම දෙනාට තෙරුවන් සරණයි!





No comments:

Post a Comment