Tuesday, May 5, 2020

චිත්‍ර කලාව - රෝම මූර්ති කලාව

විෂය -  චිත්‍ර.
පාඩම -  රෝම මූර්ති කලාව.
ගුරු භවතා -ටී.කේ.නුවන් ප්‍රසාද් බුද්ධික.
දිනය     -  2020.05.05
වේලාව -   පෙ.ව.8.00-පෙ.ව.9.00
...............................................................................

සුබ උදෑසනක් වේවා හැමෝටම!

ආයුබෝවන් අද චිත්‍ර පාඩමේ තවත් කොටසක් වෙත අවධානය යොමු කරමු. අපි සාකච්ඡා කරමින් සිටින්නේ රෝම මූර්ති සම්බන්ධයෙනි.


රෝම මුර්ති ශිල්පීන් උසස් මට්ටමේ නිර්මාණ ලොවට දායාද කර ඇති විශිෂ්ටගණයේ ශිල්පීන් වේ. මොවුන් විසින් ලොවට දායාද කල තවත් එක් විශිෂ්ට නිර්මාණයක් ලෙස "කැරැල්ලා" මූර්තිය හැඳින්විය හැක.
කිරිගරුඬ මාධ්‍ය මනාව හැසිරවීමට ශිල්පීන් සතු කුසලතාවය මෙ⁣ම මූර්තිය තුලින් විදහා දැක්වේ. එම චරිතය සතු පෞද්ගලික ගතිලක්ෂණ මැනවින් විදහා දක්වා ඇත. මුහුනේ සෑම අංගයකම දැකියහැකි ඉරියව් චරිතයට අනන්‍ය දැඩි බව පෙන්වීමට මනා ලෙස සංකලනය කර ඇත.ඇස් දෙකෙන් කියවෙන දැඩි බව මුහුනේ මාංශ පේශි,දෙතොල්,නාසය,මෙන්ම නලල මත වූ රැලි මගින් මනාව පෙන්වා ඇත.දෙතොල් තදින් පියවී ඇති බැවන් කෝපය මුසු හැඟීමක් දනවයි.එය දෙනෙතින්ද මනාව දක්වා ඇත.




දෙනෙතේ බැල්මේ තිබෙන තියුණු බව හා දෙනෙත යොමු වීඇති අරමුණ මතුකිරීම සඳහා ශිල්පියා දැරූ උත්සහය සාර්ථක වී ඇති බව හොඳින් පෙනේ.
කැරලි ගැසුණු හිසකෙස් තුලින් පවා සෞම්‍ය බවක් දිස්  නොවේ ඇත්තටම සමස්ථ නිර්මාණය පුරාම දක්නට ලැබෙන්නේ දැඩිබව පමණි.
ඔහුගේ රැවුල පවා දක්වා ඇත්තේ රළු ආකාරයටය එනම් ඇත්තටම මොහු කෲර පාලකයෙකි.
උඩුකය මූර්තියක් ලෙස නිර්මාණය කර ඇති මෙම කලා නිර්මාණයේ ඇඳුම ස්වභාවික අයුරින් නිර්මාණය කර ඇත. එහිද දක්නට ලැබෙන්නේ දැඩි ස්වරූපයකි.බෙල්ල වටා පටලවා ඇති සළුව වෙිගවත්ව  පටලවා ගත් ආකාරයක් දිස්වෙි.


අලංකාර පාදමක් මත නිර්මිත මෙම විශිෂ්ට මූර්තිය රෝම දැඩි පාලකයෙකු නිරූපණය කිරීමට ශිල්පියා ගත් උත්සහය සාර්ථකව නිමකර ඇති බවට පෙන්විය හැකි කදිම නිදසුනකි.


හොඳයි  අපි ඊලගට  තවත් විශිෂ්ට රෝම මූර්ති නිර්මාණයක් සමඟින් හමුවෙමු.

 සියලුම දෙනාට තෙරුවන් සරණයි!











No comments:

Post a Comment