Friday, May 15, 2020

චිත්‍ර කලාව - ආභරණ නිර්මාණය

විෂය -  චිත්‍ර.
පාඩම -  ආභරණ නිර්මාණය.
ගුරු භවතා -ටී.කේ.නුවන් ප්‍රසාද් බුද්ධික.
දිනය     -  2020.05.15
වේලාව -   ප.ව.3.00-ප.ව.4.00
....................................................................................................

ආයුබෝවන්!

අද චිත්‍ර පාඩම මෙතැන්සිට ආරම්භ කරමු.

අපි පසුගිය පාඩමෙන් ඇඳුම් නිර්මාණය කිරීම පිළිබඳව අධ්‍යනය කලා මීලඟට අපි අධ්‍යනය කරන්නේ ඒ සමඟම වැදගත් වන තවත් කාරණයක් පිළිබඳවය. 

ආභරණ නිර්මාණය.

ආභරණ නිර්මාණය කිරීමේ ආරම්භය ඈත අතීතය දක්වා විහිදී යන මාතෘකාවක් මුල් කාලීනව පරිසරයෙන් ලබා ගන්නට පහසු ද්‍රව්‍ය එකතු කරමින් මිනිසා ආභරණ නිර්මාණය කර ඇත. බොහෝ විට දඩයමේ යන අවස්ථා වලදී තම ස්වරූපය වෙනස් කර ගැනීමට, තම කණ්ඩා⁣යමේ නායකත්වය ලබා ගැනීමට, තමන් අදහන දෙවිවරු,යක්ෂයන්,විවිධ බලවේගයන් වෙනුවෙන් කෙරුණු අභිචාර අවස්ථා එනම් පූජා කර්ම වෙනුවෙන්ද මිනිසා ආභරණ හාවිතා කර ඇත.
අපි බලමු ඔවුන් භාවිතා කල ද්‍රව්‍ය පිළිබඳව 

1 සත්ත්ව ඇටකටු
2 විවිධ පාෂාණ කොටස් 
3 විවිධ ශාක කොටස්
4 පිලිස්සූ මැටි
5 ලෝහ වර්ග 
   ආදියයි  මදක් අපි පැරණි ආභරණ පිළිබඳව අධ්‍යනය කරමු.




මෙවැනි ස්වභාවික ද්‍රව්‍ය අතීත මානවයන් හාවිතා කල බවට පුරාවිද්‍යාත්මක සාධක ලැබී ඇත.





මෙවැනි නිදසුන් මගින් අතීතයේ ආභරණ භාවිතය පිළිබඳව අදහසක් අපිට ලබා ගත හැක.
මෙසේ ආරම්භ වු ආභරණ නිර්මාණය අද වන විට විවිධාකාර ඉසව් කරා ව්‍යාප්තව ඇත.
මා මෙම තොරතුරු ගෙන දැක්වූයේ අතීතය පිළිබඳව යම් අදහසක් ඔබට ලබා දීම සඳහාය.
දැන් අපි බලමු වර්ථමානයේ ආභරණ නිර්මාණය පිළිබඳව අද වන විට ලෝකයේ ප්‍රධාන   කේෂ්ත්‍රයක් ලෙස ආභරණ නිර්මාණය කිරීම හැඳින්විය හැක. අවටින් ලැබෙන ඕනෑම ද්‍රව්‍යකින් අද වන විට මෙම නිර්මාණ කිරීමට ශිල්පීන් උත්සහ කරයි. ඉතා වටිනා රන් රිදී,මුතු,මැණික් මෙන්ම ඉවත දමන ශොපින් බෑගය දක්වා විශාල පරාසයක් පුරා මෙම නිර්මාණ ව්‍යාප්තව ඇත. 









කාන්තා  පිරිමි බාල  මහළු සැම දෙනාම අතර ජනප්‍රිය මෙම කේෂ්ත්‍රය තුල විවිධ පුද්ගලයන් වෙනුවෙන් නිම වූ අභරණ විශාල පරාසයක විහිදේ.


මේ මා විසින් නිර්මාණය කල පෝසිලේන් මාධ්‍ය පෙන්ඩනයක් 3 cm පමණ ප්‍රමාණයෙන් යුක්ත වේ.
මම ඔබට යෝජනා කරනවා විලාසිතා දැක්මක් සඳහා කාන්තා සහ පිරිමි ආභරණ කට්ටලයක් නිර්මාණය කරන්න කියල. මෙහිදී පහත කරුණු සම්බන්ධයෙන් අවධානය යොමු කරන්න .

1  කාන්තා/පිරිමි 
2  වර්ණ 
3 හැඩතල 
4 ප්‍රමාණය 
5 භාවිතා කරණ අමුද්‍රව්‍ය (ඉතා වැදගත් මෙමගින් වටිනාකම,පැළඳීමේ  පහසුව,අවස්ථානුරූපී වීම ආදි කරුණු වැදගත් වේ)

මුලින්ම ඔබ ආභරණ කට්ටලය සැලසුම් කර පැන්සල් රේඛා මගින් හැඩතල නිර්මාණය කරන්න. 
 ඉන්පසුව ඒ සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය,වර්ණ පිළිබඳව වාර්තාවක් සකස් කරන්න 
   නිර්මාණයේ පින්තූරයක් අඳින්න 
පසු නිශ්පාදන කටයුතු පිළිබඳ තොරතුරු ඇතුලත් කරන්න.
අපි ඊලඟ කොටසින් තව දුරටත් ආභරණ පිළිබඳව අධ්‍යනය කරමු
අදට පාඩම මෙතනින් අවසන් කරමු.

 සියලුම දෙනාට තෙරුවන් සරණයි!





Tuesday, May 12, 2020

චිත්‍ර කලාව - ප්‍රායෝගික ක්‍රියාකාරකම

විෂය -  චිත්‍ර.
පාඩම -  රෝම සිතුවම්.
ගුරු භවතා -ටී.කේ.නුවන් ප්‍රසාද් බුද්ධික.
දිනය     -  2020.05.12
වේලාව -   පෙ.ව.8.00-පෙ.ව.9.00
...................................................................................

ආයුබෝවන්!

සුබ දවසක් අද චිත්‍රපාඩම මෙතැන්සිට ආරම්භ කරමු.

අපි අද අලුත් වැඩකට ආරම්භයක් ගනිමු.ප්‍රායෝගික ක්‍රියාකාරකමක් වෙත අවධානය යොමු කරමු.
ඔයාල දන්නව මිනිසා ස්වභාවිකවම නිර්මාණශී සත්ත්වයෙක්.ඒ පිළිබඳව සාක්ෂි මිනිසාගේ සම්භවයේ මූලාරම්භයේ සිට අති විශාල නිර්මාණ සාධක තුලින් අපට අදහසක් ලබාගන්න පුළුවන්.
ඒ අතරින් මිනිසාට අත්‍යාවශ්‍ය සාධක 3ක් දැක්විය හැක.

1   ආහාර 
2   වාසස්ථාන
3   ඇඳුම් පැළඳුම් 

     අද අපි කතා කරන්නේ ඇඳුම් පැළඳුම් සම්බන්ධයෙන් 
 මුල්ම කාලයේදී මිනිසාට ඇඳුම් අවශ්‍යතාවයක් අති වන්නේ වනවාසී ජීවිතය තුල ඇතිවන පාරිසරික තත්ව වලට මුහුණ දීම සඳහාය. සීතල,දැඩි සූර්‍යරශ්මියෙන් ආරක්ෂා වීම,සතුන්ගෙන් වන පීඩාවන්ගෙන් ආරක්ෂා වීම ආදීවූ කරුණු වෙනුවෙන් සරළ ඇඳුම් ඔවුන් නිර්මාණය කර ගනු ලැබුවා. බොහෝවිට කොල අතු,ගස් වලින් ලබාගත් පොතු හෙවත් පට්ටා,සත්ත්ව සම්, ආදී තම අවට පරිසරයේ වූ අමුද්‍රව්‍ය කිහිපයක් මගින්තම අවශ්‍යතාවය ඉටු කර ගැනීමට ඔවුන්ට හැකි විය .
     පැළඳුම් සම්බන්ධයෙන් මුල්ම සාධක අපිට හමුවන්නේ දඩයම සඳහා මෙන්ම වන සතුන්ගෙන් ආරක්ෂා වීමට තම සිරුර වර්ණ ගැන්වීම හා නොයෙක් ද්‍රව්‍ය භාවිතාකර වෙනස් කර ගැනීම තුලිනි. ඉන් පසුව ඔවුන්ගේ අභිචාරී අවස්ථා හෙවත් ඇදහලි වෙනුවෙන්  පැළඳි විවිධ දේවල් තුලිනි. මේ යටතට සත්ත්ව ඇට කටු,හිස්කබල්,පාෂාණ කොටස් ආදිය පැළදුම් සඳහා ඔවුන් භාවිතා කලා.
මෙසේ ආරම්භ වු අැඳුම් පැළඳුම් නිර්මාණ මානවයා  දියුණු වීමත් සමඟ වේගයෙන් දියුණු විය.
අමු ද්‍රව්‍ය විවිධාකාර විය තම මූලික අවශ්‍යතා වූ විලිවසා ගැනීම,පාරිසරික තත්වයන්ට මුහුණ දීම ආදී කරුණු වලට අමතරව තම සමාජ මට්ටම පෙන්වීම,නිර්මාණශිලීත්වය  ප්‍රදර්ශනය කිරීම,ආදී කටයුතු වෙනුවෙන් ඇඳුම් පැළඳුම් නිර්මාණය කිරීම ආරම්භ කරන ලදි.

අද ප්‍රායෝගික ක්‍රියාකාරකම වෙන්නේ ඇඳුම් පැළඳුම් නිර්මාණය කිරීමයි අපි උදාහරණ කිහිපයක් බලමු.











ඇඳුමක් නිර්මාණය කිරීමේදී අපි අවධානය යොමු කල යුතු කරුණු කිහිපයක් දෙස බලමු.

1  ඇඳුම නිර්මාණය කරනු ලබන පුද්ගලයා කවුද? ඔහුගේ අවශ්‍යතාවය කුමක්ද?
ඔහුගේ ශරීර ප්‍රමාණය ආදී කරුණු
2   භාවිතා කරනු ලබන අමුදුව්‍ය මෙ⁣ානවාද
3  පාරිසරික තත්වය (ශිත,උනුසුම් ආදී කරුණු )
4  භාවිතා කරනු ලබන වර්ණ 
5  නිර්මාණය අවශ්‍ය පුද්ගලයාගේ සංස්කෘතික කරුණු. 

  ආදීය පිළිබඳව විශේෂ අවධානයක් යොමු කල යුතුය.
මේ කරුණු සැලකිල්ලට ගනිමින් අපි අද වේදිකා නාට්‍යක ශිල්පීන්ට අවශ්‍ය ඇඳුම් නිර්මාණ කිහිපයක් සැලසුම් කරමු 
   මා ඔබට චරිත කිහිපයක් ලබා දෙන්නම් 
      රදල පැලැන්තියේ හා සාමාන්‍ය ජනයා පිළිබඳව වන කතාන්දරයක් මූලික කරගත් නාට්‍යක් පිළිබඳව අපි සිතමු.

  1 ගැමියෙක්
  2 ගැමි කාන්තාවක්
  3 ඉඩම් හිමියෙක්
  4 ඉඩම් හිමියාගේ තරුණ දියණිය 
  5 ගැමි තරුණිය 
  6 යාචකයෙක්   

 අපි මේ චරිත ටිකට අදාල වන පරිදි ඇඳුම් කිහිපයක් නිර්මාණය කරමු. නිර්මාණය සමඟ භාවිතා කරණුලබන අමු ද්‍රව්‍ය පිළිබඳව සඳහන් කරන්න 
  ඇඳුම් වර්ණ ගන්වන්න  ක්‍රියාකාරකම වසන් කර මා වෙත ලබා දෙන්න. 

එහෙනම් අදට අපි පාඩම මෙතනින් අවසන් කරමු.

 සියලුම දෙනාට තෙරුවන් සරණයි!






Monday, May 11, 2020

චිත්‍ර කලාව - රෝම සිතුවම්

විෂය -  චිත්‍ර.
පාඩම -  රෝම සිතුවම්.
ගුරු භවතා -ටී.කේ.නුවන් ප්‍රසාද් බුද්ධික.
දිනය     -  2020.05.1l
වේලාව -   ප.ව.5.30-ප.ව.6.30
...................................................................

ආයුබෝවන්!

අපි චිත්‍ර පාඩම මෙතනින් ආරම්භ කරමු.
මේ දින කිහිපය පුරා රෝම කලාව අපි සාකච්ඡා කලා අද එහි රෝම සිතුවම් යටතේ එන තවත් සිතුවමක් පිලිබඳව බලමු.


මෙම සිතුවම අතිශය සුන්දරත්වයකින් මෙන්ම සංයමයකින් කල නිර්මාණයක් ලෙස හඳුන්වා දිය හැක.වර්ණ හාවිතයේදී පන්සල් පහර වෙිගවත්ව හසුරුවා ඇතිමුත් ඒ තුලින් කාන්තාවගේ ස්වරූපය ආරක්ෂා කර ගනිමින් වර්ණ හාවිතා කර ඇත.
සිතුවමේ දැක්වෙන ලක්ෂණ අනුව ඇය ප්‍රභූ කාන්තාවක් විය යුතුය. ඈ පළඳවා ඇති ආභරණ,සළුපිළි,හා ඇයගේ මුහුනේ හැඟීම් ප්‍රකාශණය තුලින් ඒ බව ප්‍රකට වේ.
මැණික් හා පබළු එබිබවූ ඇයගේ ආභරණ පින්තාරු කිරීමේදී ශිල්පියාගේ ඉවසීම හා දක්ෂතාවය පිළිබඳ තක්සේරුවක්  ප්‍රේක්ෂකයාගේ හදවතට නිතැතින් දැනෙන ආකාරයෙන් ඉතාමත් සියුම් ලෙස පින්තාරු කර ඇත.
ලී ඵලකයක් මත ඇඳ ඇති මේ උඩුකය කාන්තා සිතුුවම තුලින් අප කතා කල යුතු තවත් වැදගත් ලක්ෂණයක් ඇත. එනම් ඇයගේ හිසකෙස් මෝස්තරයයි. කැරලි ගැසී ඇති අයුරින් දක්වා ඇති හිසකෙස් රටාවකට පින්තාරු කර ඇත. එනම් ඇය තම හිස සැරසීම සඳහා යොදාගෙන ඇති විලාසිතාව එකල ජනප්‍රිය මෙන්ම වැදගත් විලාසිතාවක් වියයුතුය.


බලන්න මේ සමීප රූපය දෙස.ඇයගේ මුහුනේ ලක්ෂණ ඉතාමත් සියුම් ලෙස දක්වා ඇති අයුරු. දෙනෙත් තුලින් ඇයගේ පෞරුෂය විදහා දක්වයි.ඇහිබැම අහිපිල්ලම ආදී වූ සියුම් ලක්ෂණ සංයමයකින් යුක්තව පින්තාරු කර ඇත.
හිස පළඳනා අතර හිස බැඳි අලංකාර පළඳනාව සහ හිසකෙස් මත රඳවා ඇති කොන්ඩකූර සියුම් ලෙස පින්තාරු කර ඇත.
ඇයගේ වස්ත්‍රයේ රැලි මෙන්ම නැවීම් ස්වභාවිකත්වය ආරක්ෂා වන පරිදි එළිය අඳුර දක්වමින් අලංකාරවත් අයුරින් හා දක්ෂ ලෙස නිමකර ඇත.
රෝම සිත්තරුන් ස්වභාවිකත්වය ආරක්ෂා කරමින් ස්වභාවරූපී සිතුවම්කරණයට දක්වා ඇති ඇල්ම මේ නිර්මාණ තුලින් මනාව විද්‍යාමාන වේ නිර්මාණකරණයේදී ග්‍රීක කලාවේ දක්නම ලැබෙන දැඩි බව වෙනුවට මොවුන් තුලින් දක්නට ලැාබන්නේ සියුම් බවකි එබැවින් ඔවුන් ශෛලිගත ලක්ෂණ බැහැර කර ස්වභාවික ලක්ෂණ මතු කිරීමට කටයුතු කර ඇත.

පහත ඇගයීම කරන්න

1 රෝම සිතුවම් පිලිබඳ නිදසුන් සහිතව විස්තරයක් කරන්න 
 2රෝම සිතුවම් තුල දක්නට ලැපබන සුවිශේෂී ලක්ෂණ නිදසුන් සහිතව සාකච්ඡා කරන්න.

අපි අදට පාඩම මෙතනින් අවසන් කරමු.

  සියලුම දෙනාට තෙරුවන් සරණයි!



Sunday, May 10, 2020

චිත්‍ර කලාව - රෝම සිතුවම්

විෂය -  චිත්‍ර.
පාඩම -  රෝම සිතුවම්.
ගුරු භවතා -ටී.කේ.නුවන් ප්‍රසාද් බුද්ධික.
දිනය     -  2020.05.10
වේලාව -   ප.ව.5.30-ප.ව.6.30
..............................................................................

ආයුබෝවන්!

අද චිත්‍ර පාඩමේ තවත් කොටසක් බලමු. අපි රෝම මූර්ති කලාව පිළිබඳව අධ්‍යනය කලා. අද අපි එහි තවත් පියවරක් බලමු. 

රෝම සිතුවම්

විශය නිර්දේශයේ රෝම සිතුවම් යටතේ අපිට අධ්‍යනය කරන්න සිතුවම් 2ක්දක්වා ඇත.

1  ඩයොනීසියස් දෙවියන් පිදීම නම් සිතුවම් වල දක්නට ලැබෙන "ගැහැනියකට දඩුවම් කරන අවස්ථාව" නම් සිතුවම

  මේ සිතුවම පිළිබඳව අපි දැන් බලමු.


මේ සිතුවම දක්නට ලැබෙන්නේ රෝමයේ පොම්පෙයි නගරයේ,විලා මිස්ටරීස් නම් ගොඩනැඟිල්ලේ බිත්ති මත.
මේ සිතුවම් සියල්ලම බැලූකල  එකම ආරකට නිර්මාණය වී ඇත. අපි එහි සිතුවම් කිහිපයක් බලමු.




මෙහි තීරුවක පනේල ආකාරයට නිර්මාණය කර ඇත.මානව රූප ශෛලිගත ස්වරූපයෙන් මිදී තාත්වික ලක්ෂණ මතු කිරීමට ශිල්පියා උත්සහ කර ඇත.

 අපි දැන් බලමු "ගැහැනියට දඬුවම් දෙන අවස්ථාව" නම් සිතුවම පිළිබඳව.



මෙම සිතුවමේ දඬුවම් ලබන ගැහැනිය වැතිර සිටින අතර තවත් කාන්තාවක් නර්තනයේ යෙදෙන අයුරින් දක්වා ඇත.එම කාන්තාව පිටුපසට හැරී නර්තනයේ යෙදෙයි.කෙස් වැටිය කෙටිය,එය හිස ඉහලට වනිනට බැඳ ඇත.දෑත් ඉහලට ඔසවාගෙන ඇය නර්තනයේ යෙදෙයි.
රෙදි පිලි නිර්මාණයේදීද තාත්විකව නිර්මාණය කර ඇත. රැලි,⁣නැමිම්,සෙවනැලි තාත්වික අයුරින් ඇඳ ඇත.
සිතුවමේ පසුබිම රතු පැහැයෙන් නිර්මාණය කර ඇත. සමස්ථ සිතුවම් සියල්ලේම පසුබිම දක්වා ඇත්තේ රතු පැහැයෙනි.
ඉහත මා ඉදිරිපත් කල රූප සටහන් වලින් ඔබට ඒ පිළිබඳව අදහසක් ලැබෙන්නට ඇතැයි සිතමි.
මානව රූප වර්ණ ගැන්වීමට සුදු කහ දුඹුරු වර්ණ වල සංකලනයක් භාවිතා කර ඇත මානව රූපවල ස්වභාවිකත්වය මතු කිරීමට උපරිම උත්සහයක් දරා ඇත.
ක්‍රි:පූ1වන සියවසට අයත් මෙ⁣ම සිතුවම් රෝම නිර්මාණ අතර අපූර්වත්වය ලොවට පෙන්වන විශිෂ්ටගණයේ සිතුවම් එකතුවක් ලෙස දැක්විය හැකියි.
අදට පාඩම මෙතනින් අවසන් කරමු.

 සියලුම දෙනාට තෙරුවන් සරණයි!




විෂය -  චිත්‍ර.
පාඩම -  රෝම සිතුවම්.
ගුරු භවතා -ටී.කේ.නුවන් ප්‍රසාද් බුද්ධික.
දිනය     -  2020.05.10

වේලාව -   ප.ව.5.30-ප.ව.6.30

Tuesday, May 5, 2020

චිත්‍ර කලාව - රෝම මූර්ති කලාව

විෂය -  චිත්‍ර.
පාඩම -  රෝම මූර්ති කලාව.
ගුරු භවතා -ටී.කේ.නුවන් ප්‍රසාද් බුද්ධික.
දිනය     -  2020.05.06
වේලාව -   පෙ.ව.8.00-පෙ.ව.9.00
...............................................................................

සුබ උදෑසනක් වේවා හැමෝටම!

අද අපි බලමු ජූලියස් සීසර් මූර්තිය පිළිබඳව.


මෙ⁣ම මූර්තිය තුලින් සාමන්‍ය මිනිසෙකුගෙ රුවක් ලෙස දිස්වනසේ අධිරාජයා නිර්මාණය කර ඇත
මෙමගින් මානව රූපයක සතුවන ස්වභාවිකත්වය මනාව මතුකර ඇත.හිස කෙස් දෙනෙත් තොල් මගින් පුද්ගල රුවේ වයස හා තලත්තෑනි බව මනාව විදහා දක්වයි.
මෙමගින් ජූලියස් සීසර් සතු පෞද්ගලික ගති ලක්ෂණ මතු වන අතර ඒ ඔහුගේ අභ්‍යන්තරය මනා ලෙස විදහා දැක්වීමකි.
මූර්තිය කිරිගරුඬ මාධ්‍යයෙන් නිර්මාණය කර ඇති අතර මානව ශරීරයේ සමේ ස්වභාවය,වයනය ඉස්මතු කිරීමට ශිල්පියා සාර්ථක උත්සහයක් ගෙන ඇත.
මූර්ති නිර්මාණයේදී වැදගත් වන අස්ථි සැකැස්ම පිළිබඳව ශිල්පියා සතු නිපුනතාවය මෙහි මුහුනේ හැඩතල නිර්මාණයේදී මුහුනේ,බෙල්ලේ හා උරහිසේ හැඩතල නිර්මාණය කර ඇති ආකාරයෙන් විදහා දක්වයි.
අපි ඊලඟට අධ්‍යනය කල යුතු වන්නේ රෝම සිතුවම් පිළිබඳවය ඊලඟ පාඩමෙන් ඒ පිළිබඳව අධ්‍යනය කරමු.

සුබ දවසක් හැමෝටම.තෙරුවන් සරණයි!

චිත්‍ර කලාව - රෝම මූර්ති කලාව

විෂය -  චිත්‍ර.
පාඩම -  රෝම මූර්ති කලාව.
ගුරු භවතා -ටී.කේ.නුවන් ප්‍රසාද් බුද්ධික.
දිනය     -  2020.05.05
වේලාව -   පෙ.ව.8.00-පෙ.ව.9.00
...............................................................................

සුබ උදෑසනක් වේවා හැමෝටම!

ආයුබෝවන් අද චිත්‍ර පාඩමේ තවත් කොටසක් වෙත අවධානය යොමු කරමු. අපි සාකච්ඡා කරමින් සිටින්නේ රෝම මූර්ති සම්බන්ධයෙනි.


රෝම මුර්ති ශිල්පීන් උසස් මට්ටමේ නිර්මාණ ලොවට දායාද කර ඇති විශිෂ්ටගණයේ ශිල්පීන් වේ. මොවුන් විසින් ලොවට දායාද කල තවත් එක් විශිෂ්ට නිර්මාණයක් ලෙස "කැරැල්ලා" මූර්තිය හැඳින්විය හැක.
කිරිගරුඬ මාධ්‍ය මනාව හැසිරවීමට ශිල්පීන් සතු කුසලතාවය මෙ⁣ම මූර්තිය තුලින් විදහා දැක්වේ. එම චරිතය සතු පෞද්ගලික ගතිලක්ෂණ මැනවින් විදහා දක්වා ඇත. මුහුනේ සෑම අංගයකම දැකියහැකි ඉරියව් චරිතයට අනන්‍ය දැඩි බව පෙන්වීමට මනා ලෙස සංකලනය කර ඇත.ඇස් දෙකෙන් කියවෙන දැඩි බව මුහුනේ මාංශ පේශි,දෙතොල්,නාසය,මෙන්ම නලල මත වූ රැලි මගින් මනාව පෙන්වා ඇත.දෙතොල් තදින් පියවී ඇති බැවන් කෝපය මුසු හැඟීමක් දනවයි.එය දෙනෙතින්ද මනාව දක්වා ඇත.




දෙනෙතේ බැල්මේ තිබෙන තියුණු බව හා දෙනෙත යොමු වීඇති අරමුණ මතුකිරීම සඳහා ශිල්පියා දැරූ උත්සහය සාර්ථක වී ඇති බව හොඳින් පෙනේ.
කැරලි ගැසුණු හිසකෙස් තුලින් පවා සෞම්‍ය බවක් දිස්  නොවේ ඇත්තටම සමස්ථ නිර්මාණය පුරාම දක්නට ලැබෙන්නේ දැඩිබව පමණි.
ඔහුගේ රැවුල පවා දක්වා ඇත්තේ රළු ආකාරයටය එනම් ඇත්තටම මොහු කෲර පාලකයෙකි.
උඩුකය මූර්තියක් ලෙස නිර්මාණය කර ඇති මෙම කලා නිර්මාණයේ ඇඳුම ස්වභාවික අයුරින් නිර්මාණය කර ඇත. එහිද දක්නට ලැබෙන්නේ දැඩි ස්වරූපයකි.බෙල්ල වටා පටලවා ඇති සළුව වෙිගවත්ව  පටලවා ගත් ආකාරයක් දිස්වෙි.


අලංකාර පාදමක් මත නිර්මිත මෙම විශිෂ්ට මූර්තිය රෝම දැඩි පාලකයෙකු නිරූපණය කිරීමට ශිල්පියා ගත් උත්සහය සාර්ථකව නිමකර ඇති බවට පෙන්විය හැකි කදිම නිදසුනකි.


හොඳයි  අපි ඊලගට  තවත් විශිෂ්ට රෝම මූර්ති නිර්මාණයක් සමඟින් හමුවෙමු.

 සියලුම දෙනාට තෙරුවන් සරණයි!











Sunday, May 3, 2020

සිංහල - නූතන පද්‍ය

 විෂය -  සිංහල 
 පාඩම - නූතන පද්‍ය 
 ගුරු භවතා - උදය බණ්ඩාර මයා
       දිනය     -   2020.05.04
       වේලාව -   පෙ .ව.8.00 - පෙ.ව.10.00
..........................................................................................................

දේදුන්න පායාවි හෙටත් පාලම උඩින්



දේදුන්න පායාවි හෙටත් පාලම උඩින්............


ආදරය නින්දක් ද
පිබිදිලා සිටින මට..
දිනෙන් දින මගේ නෙත් සුවිපුල්ය පැහැදුල්ය...
තව බෙ⁣ාහෝ දේ තිබේ ජීවිතේ ජය ගනිම්...
දරුවන්  හැමෝම රසාස්වාදය ලියන්න 


බුදුසරණයි.....